උදාවූ 2016 නව වසර සමරමින් ලක් වාසී ජනතාව විවිධ සැණ කෙළි හා උත්සව සංවිධානය කර තිබුණි. රටපුරා රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැගීමට ලොකු කුඩා සැවොම එක්ව සිටියහ.
ලැබුවාවූ 2016 නව වසර ලෝ වැසි සියලු දනන් හට ආයු, වර්ණ, සැප, බල වැඩිවන ප්‍රීතිමත් නව වසරක් වේවා යැයි ලංකාදීප එසැණ සුබ ප්‍රාර්ථනා කරයි.!
නව වසර සමරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල ආගමික වැඩසටහන් සහ උත්සව පැවැත්විණි.
ජායාරූප සජීව ලක්ෂාන්
කොළඹ
නව වසරේ දී ආශිර්වාද ලබා ගැනීමට බෞද්ධයෝ සිරිතක් වශයෙන් විහාරස්ථාන කරා යති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටි සැදැහැවත්හු ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බෝඩ ඤාණිස්සර නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
ජායාරූප හා විඩියෝ ශාන්ත රත්නායක
කැලණිය
නව වසරේ උදාව සමග කැළණි විහාරය වැඳපුදා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
(ඡායාරූප ලාස් එස් කුමාර)
හැටන්
හැටන් පොලීසිය නව වසර උදාව සමරමින්
ඡායාරූප - මනුර සෙල්ලහේවා
ලබන්නාවු 2016 වසර සියලු රට වැසියන්ට ආශිර්වාද පැතිම සදහා මහනුවර දොඩම් දෙනිය තරුන කැල විසින් සු විසි විවරන නුත්‍ය පුඡාවක් ඉයේ (31) දින දොඩම් දෙනිය නගර මධ්‍යයේ පැවැත්විය.





















