‘කිඹුලා බනිස් කන සුද්දන්ගෙන් අපට වැඩක් නෑ‘


2015 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් විසි පන් ලක්ෂයක් කැඳවා ගැනීම අරමුණ බව රජය කියන නමුත් දැන් එන සංචාරකයන් ‘චූන් පාන්‘ වාහනෙන් කිඹුලා බනිස් කන ජාතියේ සුද්දන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා අකුරැස්සේ මාරඹ රැස්වීමකදී පැවසීය.

රෑ දහයක් තරු පහේ හෝටලයක ගත කළ හැකි සංචාරකයන් අවශ්‍ය බවත්, එවැනි සංචාරකයකුට අඩු ගණනේ රියදුරකු, කෝකියකු, වේටර්වරයකු හා කාමර පිරිසිදු කරන්නකු අවශ්‍ය බවත්, රැකියා ජනනය කළ හැකි වනුයේ එවැනි සංචාරකයන්ගෙන් බවත්, චූන් පාන් සංචාරකයන්ගෙන් රටට වැඩක් නැති බවත්,  ඔහු කීවේය.

අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි වනුයේ සල්ලිකාරයන්ට යැයි ද, ගණිකා වෘත්තිය වැඩිවී ඇතැයි ද කී අමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ අද කළ යුතු මූලික දේ වනුයේ ගස් වැවීම හා කෘෂිකර්මය දියුණු කිරීම යැයි ද, කෘෂිකර්මය අද ලාභදායි නොවන කර්මාන්තයක් වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.