‘කැස්බෑව අය වැයට විරුද්ධ මන්ත්‍රීන්ගේ සාමාජිකත්වය තහනම්’ ලොකුගේ


කැස්බෑව නගර සභාවේ අය -වැයට විරුද්ධව ඡන්දය දුන් උප සභාපති නීතිඥ හේමාල් ධර්මප්‍රිය සහ මන්ත‍්‍රි හර්මන් වටරැකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇතැයි කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කැස්බෑව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති එකමුතුවේ බලමණ්ඩල රැස්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.

‘කැස්බෑව නගර සභාවේ අය -වැය දෙවරක් පරාජය වුණා. ඒ පිළිබඳව පාක්ෂීකයන් දැනුම්වත් කිරිම මගේ යුතුකමක්. එයාලා තමයි කැස්බෑව නගර සභාව ජයග‍්‍රහණය කළේ. එම නගර සභාව පරාජයට පත්වුණාම එයට හේතුව පැහැදිලි කිරිම මගේ යුතුකමක්. ‘

අයවැයට විරුද්ධව ඡන්දය භාවිත  කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙන්නා පිළිබඳව තීන්දු ගැනීමේ අයිතිය පක්ෂයට මම බාරදී තිබෙනවා.    

කැස්බෑව නගර සභාවේ උප සභාපති හේමාල් ධර්මප‍්‍රිය

එහෙම තීරණයක් ගැන පක්ෂයෙන් දැනුම්වත් කර නැහැ. මම දුරකතනයෙන් කතාකර ඇමතිතුමාගෙන් ඇහුවා රැස්වීමට එන්නද කියලා. පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇතැයි එවිට ඔහු කිව්වා. කැස්බෑව ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කිරිමේ කුමන්ත‍්‍රණයක් තියෙනවා. නගරයේ දෙවැනි පුරවැසියා ලෙස මට බලමණ්ඩල රැස්වීමට යන්න මට අවසර නැහැ. ඒකද ප‍්‍රජාත්නත‍්‍රවාදය?