‘කැලණියට පැරෂුට්කාරයන් එපා‘


‘කැලණිය කොලණියක් කරන්න එපා. අපට පන්සල්, පල්ලි, කෝවිල්, පාසැල්, පාරවල් අලුතින් අවශ්‍ය නැහැ. මේ තිබෙන දේ හොඳටම ඇති. ඒක අපි දියුණු කරගන්නම්. මේ කැලණිය විනාශ කරන්න පැරෂුට්කාරයන් එපා. මේ කැලණිය දියුණු කරන්න අපේ දහම් පාසලක දරුවෙකු වඩාත් සුදුසුයැ‘යි වෙඩි වැදී ඝාතනය වූ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ අවමගුල් උළෙලේදී අනුශාසනාවක් පවත්වමින් කැලණිය වරාගොඩ බෝධිකරුක්ඛාරාමාධිකාරී රන්කරව්වේ පේමානන්ද හිමියෝ පැවසූහ.

අද පෙරවරු 10.30ට කැලණිය වරාගොඩ මඩවල මහතාගේ නිවසේදී එම අවමංගල්‍යය උත්සවය පැවැත්විණි.

මේ වන විට ඒ මහතාගේ දේහය නිවසේ සිට කැලණිය ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත රැගෙන යමින් තිබෙන අතර පස්වරු 1.00 සිට 2.00 දක්වා එහිදී මන්ත්‍රීවරුන් විසින් ගෞරව දැක්වීම සිදුකැරේ. ඉන් අනතුරුව පිලපිටිය පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් එහිදී භූමදානය කිරීමට නියමිතය.

සබැඳි පුවත්

මර්වින්ගේ ලේකම්ලා දෙන්නෙක් සැකපිට

පැන ගිය යතුරු පැදියත් සොයා ගනී

ප‍්‍රා.මන්ත‍්‍රී ඝාතනයේ පහක් අල්ලයි

කැලණිය/පෑලියගොඩ ප්‍රා මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලති

‘කැලණියෙන් ජනපතිට ඉල්ලීමක්‘

‘වසරක පටන් මැර තර්ජන තිබුණා‘

ප්‍රා මන්ත්‍රී ඝාතන පිරික්සුම රහස් පොලීසියට

ප්‍රා. සභා මන්ත්‍රී මරා දමයි

ඝාතකයන් අල්ලන්නැයි කැලණියේ උද්ඝෝෂණ

 කැලණි ප්‍රා. මන්ත්‍රිට වෙඩි