බොරු පිස්තෝලයක් පෙන්නා මහනුවර මහීයාවේ රජ්‍ය බැංකුවක් කොල්ල කෑමට ආ හමුදා කපිතාන්වරයකු බව කියන පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අධික ලෙස ණය වී ඇති බව කියන ඔහු එම මුදල් සොයා ගැනීමට බැංකුව කොල්ල කන්නට පැමිණියේ දැයි සොයා බලන බව පොලිසිය කියයි.