‘කාල්ටන් රග්බි’ දේශීය තරග අදියර දෙකකින්


‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියට (2013) සමගාමීව දේශිය ක‍්‍රීඩකයන් අතර පළමු වරට පැවැත්වෙන සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ජූනි මස 15 සහ 16 දෙදින නුවරඑළිය නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහි දෙවැනි අදියර ජූනි මස 29 සහ 30 දෙදින නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ මෙම තරගාවලියේ ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙස ද මෙය සළකන බවයි.