‘කාපට් පාරවල් එපා : පයින් යා හැකි පාරක් දෙන්න’


නකල්ස් කඳුවැටිය පාමුල උඩුදුම්බර මීමුරේ කුඹුක්ගොල්ල ගම ගිරි දුර්ග ,වන දුර්ග හා ජල දුර්ග සහිත අති දුෂ්කර පෙදෙසෙකි.

පාසලට යාමට දරුවනට කිලෝමීටර් 10-12 පයින් යෑමට සිදුවේ.මේ ගමේ සිට මී මුරේ කයිකාවල පාසලට දුර කිලෝමීටර් දොළහකි.

සුදු ගවුමේ මඩ නොගෑවෙන පාවහන් දෙකක් පැළැදගෙන පයින් යා හැකි පාරක් ඇත්නම් කාපට් මාර්ග ඕනෑ නැතැයි අචිනි චතුරි වත්සලා සිසුවිය කියන්නීය.

මේ ගමේ පාසල් නොයන දරුවෝ බොහෝ වෙති.උප්පැන්න සහතිකයක් පවා නොමැති ළමෝ එහි  සිටිති.