ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් යොදා ගනිමින් හැටන් නැෂනල් බැංකුවේ ටෙලර් යන්ත්‍රවලින් රුපියල් කෝටි 300ක් හොරෙන් ගත් සිද්ධියට සම්බන්ධ යෝගේෂ්වරන් මනිමාරන් නම් ප්‍රධාන සැකකරු ලන්ඩනයේ මැන්චෙස්ටර් පොලිසියෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නීෂාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ඉන්දියා අයි.සී.සී ක්‍රිකට් තරඟයේ දෙවැනි අර්ද අවසන් තරඟය පවතිද්දී කොටි කොඩියක් රැගෙන කාඩිෆ් පිටිය ආක්‍රමණය කළ මොහු මැන්චෙස්ටර් පොලිසියෙන් වසන් වී සිටින බව මැන්චෙස්ටර් පොලිසිය දැනුම් දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
දැනට අත්අඩංගුවේ සිටින ආනන්ද රූපම් කුලදීපන් හා බාල සුබ්‍රමනියම් උදයනන් රහස් පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.