‘කාටවත් ඕනෑ වෙලාවට අපි ආධාර දෙන්නේ නෑ : ක්‍රමවේදයකට ඒක කරනවා‘


 

‘සංදර්ශන හා නාට්‍ය පවත්වන්න අපට වුවමනා නෑ. ගංවතුරට හා නායයාම් වලට ලක් වූ දරුවන්ට පොත්, පෙළපොත් හා නිල ඇඳුම් වැනි අත්‍යවශ්‍ය සියලු දේ ලබාදෙනවා. හැබැයි කාටවත් ඕන වෙලාවට නොව අවශ්‍ය ක්‍රමවේදයට ලබාදීමට තම අමාත්‍යංශය කටයුතු කරනවා‘ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

‘සමහරු චෝදනා කරනවා සමහරුන්ට මෙම ආධාර හම්බෙලා නෑ දීලා නෑ කියලා. ඒ දේවල් ලබා දෙන්නේ දෙන ක්‍රමවේදය අනුවයි. අධ්‍යාපනය ලබන සිසුන් තියෙන ඇඳුමකින් පාසලට පැමිණියාට කමක් නෑ. ළමයාට වැදගත් වන්නේ අධ්‍යාපනයයි‘ යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (25) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ 26 වැනි සංවත්සරයට සහභාගී වූ අවස්ථාවේදීය. 

මෙහිදී නුතන සමාජයට කියවීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාතික පුස්තකාලය හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක්ව නිමැ වූ “ජාතික ඩිජිටල් පුස්තකාලය” වෙබ් අඩවිය www.kiyawamu.lk අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් විවෘත කැරිණි.

akilaviraj_2016525 akilaviraj_2016525-2 akilaviraj_2016525-3 akilaviraj_2016525-4