පසුගිය රජයේ සිදුවු කම්කරු නීථි දියාරු කිරිම් සැලැස්ම යහපාලන රජය ද ක්‍රියාත්මක කරන්නට හදනවා යැයි කම්කරු නිලධාරින්ගේ සංගමෙය් සභාපති අයි.සී. ගමගේ මහතා කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරිම හා කම්කරු සබඳතා සේවා ව්‍යවස්ථාව ඇති කිරිමට රජයට බල කරමින් අද (19) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේ දී කීවේය.
බොරු කමිටු පත් කරන්නේ නැතිව රජයේ මේ ප්‍රශ්නය ක්‍රමවේදයක් අනුව කැබිනට මණ්ඩලයට යොමු කරන්න දැන් ඉන්න ඇමැතිට යහපාලනය පුරුදු නැහැ අපිට මේ ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණොත් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ ඉතිහාසය එළි කරනවා. ඒවාගේ ම අපිට විසඳුමක් ලැබෙන තෙක් මේ වැඩ වර්ජනය ඉදිරියට ගෙන යනවා.