දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ දකුණු සහ උතුර එක්කරමින් ක්‍රීඩාව තුළින් ජතික සමගින ඇති කළ හැකි බව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රවී රත්නායක මහතා ඕස්ට්‍රේලියාවේ මවුන්ට්වේවලි වෙස්ලි විද්‍යාලයයේ ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවයක් අමතමින් කීවේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ඩේවිඩ් ඩික්‍රීට්සර් මෙහි ප්‍රධාන ආරාධිතයා විය.
උඩරට, පහරරට හා දෙමළ නැටුම්, බෙරවාදන සහ ගීත වලින් මේ උත්සවය වර්ණවත් වූ අතර ක්‍රිකට් තරග ද පැවැත්විණි.

