‘ක්‍රිස් නෝනිස්ට ගහලා‘


ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් රජයට භාරදී නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊයේ (30)  පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතාගෙන් පෞද්ගලිකවම විමසූ බවද එහිදී   නෝනිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදී නැතැයි ඔහු තහවුරු කළ බවද කීය.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීමට ජනපතිවරයාත් සමග ඇමරිකාවේ නිව්යෝක් නගරයට ගොස් සිටියදී ඇතිවූ සිදුවීමක්  නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

සමුළුව අවසානයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ක්‍රිස් නෝනිස් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙකු දැඩි සේ පහර දී ඇතැයිද වාර්තා විය.