‘ක්ලින්ටන් ගෝලීය සංසදයේ‘ හමුවට ජනපති එක්වෙයි


“ක්ලින්ටන් ගෝලීය සංසදයේ 2016 වාර්ෂික හමුව” සඳුදා (19) පස්වරුවේ නිව්යෝර්ක්හි ෂෙරටන්  හෝටලයේදී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක සැසියේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගී විය.

“තිරසාර සංවර්ධනය සඳහා කාන්තාවන් බලගැන්වීමේ මෙහෙයුම” තේමාව යටතේ රටවල් 12 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.මෙහි ආරම්භක දේශනය අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ දියණිය වන චෙල්සි ක්ලින්ටන් සිදු කළාය.

එම හමුවට එක්වූ රාජ්‍ය නායකයින් පිළිගැනීම බිල් ක්ලින්ටන් මහතා විසින් සිදු කළ අතර ගෝලීය එකමුතුව වර්ධනය සඳහා ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි.

ඉතාලි අග‍්‍රාමාත්‍ය මැට්යුව් රෙන්සි ,  ස්වීඩන අග‍්‍රාමාත්‍ය ස්ටැෆන් ලොෆ්වේන් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ පිරිසක් ද සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.