කළු ගඟේ ජලයට මුහුදු වතුර මිශ්‍රවීම නිසා කළුතර ඇතුළු ප්‍රදේශ රැසක වැසියනට කරදිය බීමට සිදුවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ කළු ගඟේ අනවසර වැලි ගොඩ දැමීම් නිසා ගඟ හෑරී කරදිය ගඟ ඉහළට ගමන් කරන බවයි.
ජල සම්පාදන මණ්ඩලය පැවසූයේ එම ගැටලුවට ස්ථිර පිළියමක් ලෙස තෙබුවන ප්‍රදේශයෙන් කළු ගඟ හරස් කර ‘ලවණ වැටක්‘ ඉදි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් සිටින බවයි. තාවකාලික විසඳුමක් හැටියට පොදු ස්ථාන 160ක පමණ පානීල ජල ටැංකි ස්ථාපිත කර ඇති බවත් එම කාර්යාලය පවසයි.