‘කවදාවත් හිතපු නැතිදේ අද ලංකාවේ වෙනවා‘


‘අද ලංකාවේ කවදාවත් අපි හිතපු නැතිදේ සිද්ධවෙනවා. වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරු හයක් සම්බන්ධයි කියලා තොරතුරු ඇවිත් තිබෙනවා. පෞද්ගලික රෝහල්වල විදේශිකයන්ට වකුගඩු බද්ධ කිරීම දැන් තහනම් කරලා තිබෙනවා. අද රෝහලට ඇතුළුවීමෙන් පසු තමන්ටත් නොදැනීම වකුගඩු ගලවාගන්න තැනට පත්වෙලා. රටේ සාරධර්ම මිනිස්කම් සියල්ල කෙලෙසිලා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) කොළඹ මහජන පුස්තකාලයේ ‘ලෙනින් කියවමු‘ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කරන ලෝකය වෙනස් කළ සැබෑ මිනිසා ‘ලෙනින් කියවමු‘ ප්‍රදර්ශනය හා සමරු දේශනයේ ආරම්භක අවස්ථාවට ජවිපෙ හිටපු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත, වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

lenin_2016121326 lenin_20161213262 lenin_20161213263 lenin_20161213264 lenin_20161213265 lenin_20161213267