‘කලුපේ අමිත්’ ට අයත් ගිනිඅවි-උණ්ඩ සොයා ගනී


(දීපාල් ද සිල්වා)

දැනට බන්ධනාගාර ගතව සිටින ‘කලුපේ අමිත් සංජිව’ට අයත් ගිනි අවි 3 ක්, අත්බෝම්බ 2 ක් මීලිමීටර් 9 උණ්ඩ 10 ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අද (15) සොයා ගනු ලැබීය.

මීටියාගොඩ කලුපේ ප්‍රදෙශයේ කුරුදු ඉඩමක සඟවා තිබූ විදේශීය විශේෂිත ගිනි අවියක්, බෝර 12 ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජිව අත්බෝම්බ 2 ක්, මීලිමීටර් 9 උණ්ඩ 10 ක් තිබී සොයා ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය මගින් මෙම ගිනි අවි සොයාගෙන තිබේ.