‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් කුරුණෑගල කුඹුක්ගැටේ දී සංවිධානය කළ වැඩසටහනට සහභාගී වූ කලා කරුවන්ට පහර දීමට 150 දෙනකු පමණ පැමිණි බවත්, ඔවුන්ගේ තර්ජන හමුවේ තම කටයුතු අතර මඟ නවතා කුඹුක් ගැටේ නගරයට එද්දී බිත්තරවලින් ද පහර දුන් බවත්, සමනලී ෆොන්සේකා ඇතුළු කිහිප දෙනකු සුළු තුවාල ලබූ බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ කියයි.
පසුගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ කලාකරුවන් කීවේ වත්මන් පාලනය වෙනස් කරන්නට තමන් වෙහෙසෙන බවයි.

