සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
“අද කලාකරුවන් කොටස් දෙකකට බෙදී අවසන්. සමහර කලාකරුවන් වරප්‍රසාද අරමුණු කරගෙන මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් සඳහා පෙනී සිටිමින් ජනතාව රවටනවා. රාජපක්‍ෂ පාලනය ටෙලි නාට්‍යයක් විකාශය කිරීමේ අවස්ථාව අහිමි කළා. ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සඳහා රුපියල් 50,000 ක් ලබාදිය යුතුයි.
කලාසංසදය මගින් මේ පිළිබද ජනාධිපතිවරයාට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කලත් ඒ පිළිබද සලකා බැලීමට ඔහු කටයුතු කළේ නෑ. මේ නිසා සමහර නිෂ්පාදකවරුන්ට තම ටෙලිනාට්‍ය විකාශය කරගැනීමට සදහා ඇතැම් ඇමතිවරුන්ටත් කොමිස් වෙන් කරීමට සිදු වෙලා. කලා ක්ෂෙත්‍රයේ ශිල්පීන් ඇගයීම සදහා ජනාධිපති සම්මාන උළෙල වසර හතකින් පවත්වා නැහැ. ‘

