අඩු ආදායම් ලාබීනට සහන සලසන මුඛරි ඇමැතිවරයකුගේ උපදේශකයකු ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ මුල්පෙළේ උපදේශකයකු බඳවා ගැනීමට සැරසෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද මොහු ගැන බරපතල නිර්දේශයක් ඉදිරිපත් කර ඇත.
ඔහු රජයේ සේවයේ නොසිටිය යුතු පුද්ගලයකු බවට තීන්දුවක් දී ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් සිල්වාය. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරයකුවූ වත්මන් ඇමැතිටද අමතක නොවන පාඩමක් ඉගැන්වූයේද සරත් සිල්වාය. මේ සම්බන්ධයෙන් මෙම පුද්ගලයා බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතය. මහින්ද ගේ පරණ මහ උපදේශකයා ගන්නට තැත් කරන මෙම ඇමැති ඔහුගේ මිත්‍ර නිලධරයකු තව ටික කාලයක් සේවයේ යොදවා ගැනීමට දරණ උත්සාහය නම් අසාර්ථක විය. ළඟදී විශ්‍රාම යෑමට නියමිත මෙම පුද්ගලයාට සේවා දිගුවක් දීමට මහා භාණ්ඩාගාරයත් අකමැති විය.

