සිරිපා සමය ආරම්භ කරමින් පැල්මඩුල්ල රජමහා විහාරයේ සිට ශ්‍රී පාදය දක්වා සමන් දෙවියන්ගේ දේවාභරණ වැඩම කිරීමේ පෙරහර ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි අද (23) පැවැත්විණි.
මෙම දේවාභරණ පිළිබඳව පුරාණ සිරිත් අකුරටම ඉටු කරමින් පෙරහර කටයුතු සිදු කැරිණි. උඳුවප් පොහොයේ සිට ලබන අප්‍රේල් මස බක් පොහොය දක්වා සිරි පා වන්දනා සමය පැවැත්වේ.






