‘කම්කරු ඇමැති කෙකරගානවා විතරයි‘


‘පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරනවා යැයි කී රුපියල් 2500 තාම දීලා නෑ. කම්කරු ඇමැති කෙකර ගානවා විතරයි. තාම බිත්තරේ වැටුණේ නෑ. මේක අනිවාර්යයෙන් නීතියක් විදියට ගේන්න ඕනෑ. ඒකත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා නම් පුද්ගලික අංශයේ සේවකයටත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ සිද්ධියෙන්ම මේ ආණ්ඩුවේ බොරුව පේනවා.‘ යි නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

බොරැල්ලේ ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, චන්ද්‍රසීරි ගජධීර, ගාමිණි කොල්ලුරේ මහත්වරු ද ඊට එක්වූහ.

RDS_5877 RDS_5890 RDS_5904