කොළඹ කටුගෙයි හොරකමේ සියලු පරීක්ෂණ අවසන් කර ඇතැයි ද, සැකකරුවන් එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින්නේයැයි ද රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතාට අද දැන්වීය.
ගියවරේ කටුගෙයි ඉපැරණි කඩු, රන් හා රිදී කාසි, බස්තම් ආදී මිල කළ නොහැකි පුරාවත්තු සොරකම් කළැයි රැඳවුම් නියෝග මත සිටිනුයේ කංගැට්ටා හෙවත් ලංසගේ ප්‍රියන්ත මේඩිස් නැමැත්තාය.
ආර් සුරංග ජනකාන්ත, එම් ශාමුගදේවරන් චන්ද්‍රසේකරන්, එච් සුජීව දේශප්‍රිය, එච් ප්‍රසාද් නිරෝෂන්, කේ ඒ නිලන්ත් දේශප්‍රිය පෙරේරා සහ එස් ඊස්ටන් ඔෆේලියා සැකකරුවෝය.