ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බහුතරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කැමති බවත්, ඔහු වෙනම පක්ෂයක් පිහිටවුවහොත් එම පාක්ෂිකයන් ඔහුගෙන් ඈත්වන බවත් අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.
‘නායකයන් පක්ෂය මාරු කළාට පාක්ෂිකයන් පක්ෂය දාලා ගියේ නෑ. ඔවුන් පක්ෂය ආරක්ෂා කළා. නමුත් මේ ආණ්ඩුවට ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, එක්සත් ජාතික පාක්ෂිකයන් කැමති නෑ. ඇත්ත කතාව ඕකයි. අපි ඒක දන්නවා. නමුත් මේ හවුල් ආණ්ඩුව නිසා රටට බොහෝ ජයග්‍රහණ ලබා ගත හැකිව තිබෙනවා. ‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේ දී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාග වෙමින් එස් බී දිසානායක ඇමැතිවරයා මේ බව පැවසීය.