‘කච්චතිව් මංගල්‍යය සිංහලෙන් කළාට කමක් නෑ‘ - විජයකලා


කච්චතීව් දූපතේ පිහිටි අන්තෝනි දෙව් මැදුර අලුත්වැඩියා කර දීමට මුල්වී කටයුතු කරන බව වණිතා කටයුතු රාජ්‍ය ඇමති  විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසුවාය.

ඉන්දු ලංකා ජනතාව සමගියෙන් එකමුතුව් ජීවත් විය යුතු බවද ඇය කීවාය.

කච්චතීව් අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික පූජෝත්සවයට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඇය එලෙස සදහන් කළාය.

‘‘ මා කච්චතීව් මංගල්‍යට සහභාගී වූ පළමු අවස්ථාව් මෙයයි. යාපනය රදගුරුතුමන් මෙම   දේව් මන්දිරය  අලුත්වැඩියා කර දෙන්නැයි කළ ඉල්ලීම මා ජනාධිපතිවරයාට යොමු කරනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතුනියගේ කාලයේ කච්චතීව් දූපත අපේ රටට හිමි වුණා. අද ඉන්දු ලංකා භක්තිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම මංගල්‍ය අති සාර්ථ්කව පැවතුනා.  ඉන්දියාවේ සිට භක්තිකයන් 3200කුත් අපේ රටේ භක්තිකයන් 4500කුත් පමණ මීට සහභාගී වී තිබෙනවා.  සඳුදා යාපනයට එන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මා කරන පළමු ඉල්ලීම  ලබන වසරේ කච්චතීව් මංගල්‍යට පෙර අන්තෝනි දෙව් මැදුර අළුත්වැඩියා කර පිළිසකර කරදෙන ලෙසයි. මට සියයට සියයක් විශ්වාසයි ජනපතිවරයා එම ඉල්ලීම ඉටු කරාවි කියා.  

 ශ්‍රීලංකාවේ බලයට පත් වූ නව රජය උතුරේ නැවත පදිංචි කිරීම් සිදුකරගෙන යනවා. දැනට අවතැන් කදවුරුවල ඉන්න උතුරේ ජනතාව  ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ඔවුන්ගේ ඉඩම්ව්ලම නැවත පදිංචි කරන බවට ජනපතිවරයා සහතික වී තිබෙනවා. ඉන්දියාවේ සරණාගතයින් සේ ජීවත්වන අපේ අයට යළි මව් රටට පැමිණ ඔවුන්ගේම ඉඩම්වල පදිංචි වෙන්නැයි ඉල්ලීමක් කරන්නවා.   ඉන්දු ලංකා ජනතාව සමගියෙන් ජීව්ත් විය යුතු යැයි මා ප්‍රකාශ කරනවා.

ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගයන මොහොතක කච්චතීව් මංගල්‍යද සිංහලෙන් සිදුකිරීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ.‘‘

12498447_734592756678326_47904141_n 12746129_734592753344993_1382369679_n 12746356_734592680011667_927798980_n 12767575_734592736678328_305483673_n 12769522_734592673345001_1778215726_n

ඡායාරූප - සිරාජ් හසීම්

DSCN00KKS56 DSCN005KKS5 DSCN0051KKS

ඡායාරූප හා වීඩියෝ - අතුල දේවප්‍රිය