‘කංගැට්ටා‘ ට ඇප


(නිමන්ති  රණසිංහ )

ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වී  පෞරාණික භාණ්ඩ  සොරකම් කරන  ලදැයි  කියන සිද්ධියකට  අදාළව වසර  පහක්  රිමාන්ඩ් භාරයේ පසු වු ලන්සගේ ප්‍රියන්ත නොහොත් ‘කංගැට්ටා‘ කොළඹ මහාධිකරණයෙන් ලද ඇප කොන්දේසි  මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා  නියෝග කළේය.

ඇප ලබාගැනීම සඳහා රුපියල්  ලක්ෂ පහක පුද්ගලික බැඳුම්කරයට සහ රුපියල්  ලක්ෂ පහ බැගින්  වන ශරීර ඇපකරුවන් දෙදෙනකු ද වශයෙන් ඉදිරිපත් කිරිමට  කොළඹ මහාධිකරණය නියම කර ඇත.