‘ඕනෑ තරම් මහණ කරන්න නම් තිබුණා‘


‘බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති විදියට මට  ගමේ කොල්ලෙකුට කෙල්ලෙකුට  රැකියාවක් දෙන්න මට බැරි වුණා.හැබැයි ඕනෑ තරම් මහණ කරන්න නම් තිබුණා‘ යැයි හිටපු බුද්ධ ශාසන නියෝජ ඇමැති එම් කේ  ඒ ඩී එස්  ගුණවර්ධන මහතා  කන්තලේදී  පැවසීය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මෙහෙයුම් කාර්යාලය විවෘත කරමින් ඔහු එසේ කීවේය.

‘ලංකාවේ සිටි හොඳම ආර්ථික විශේෂඥයා ආචාර්ය ඇන් ඇම් පෙරේරා .ඒත් අද රටේ ආර්ථික විශේෂඥයා බැසිල් . මේ ආණ්ඩුව කෑ පුද්ගලයාත් රජයේ ඉන්නවා. අටමස්ථානය වඳින ගාථාව පවා මේ රජය වෙනස් කරලා.අද අටමස්ථානයට තවත් එකක් එකතු කරන්න යනවා.‘