‘ඔහු දෙන බව කිව්වත් මා යන බව කීව්වේ නෑ‘


ඒ එස් පී ලියනගේ මහතා එම නිවට තමාට දෙන බව කීවත් තමා එම නිවසට යන බව කිසිදු අවස්ථාවක නොකී බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ අභයාරාමය අසල දී කීවේය.

හිටපු ජනපති එලෙස කීවේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

අද පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ද ඒ ගැන අදහස් පළ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා - ‘හිටපු ජනාධිපතිතුමාට ඒ එස් පී ලියනගේ මහතා ගෙයක් දුන්න ගියා. දැන් ඔහු පොලිසියට කැඳවලා. හිටපු ජනපතිට ඉන්න තැනක් දෙන්නත් බැරිද?‘