‘ඔරලෝසු පල්ලිය‘ බොදුබලේ ගිණුමට බැර කරන්න බැරි වේ


දක්ෂිණ අධිවේගී  පිවිසුම් මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන්  ඔරලෝසු පල්ලියේ  තාප්පය හා ගොඩනැගිලිවලින් කොටසක් ඉවත් කළ බව බේරුවල ප්‍රාදේශිය ලේකම්  ජනක ශ්‍රී  චන්ද්‍ර ගුප්ත මහතා  කියයි.

මාස එකහමාරකට දෙකකට කලින් එම කොටස් ඉවත් කැර ඇත.පසුගිය15 වැනිදා  සිදු වු  ගැටුමෙන් එම පල්ලියට හානි සිදු වී යැයි ඇතැම් කොටස් ගෙන යන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එහි වෙළද ප්‍රජාව ද තහවුරු කරති.

මේ පිළිබඳව අදහස් දක්වන දර්ගා නගරයේ ,අඹගහහන්දිය වෙළෙඳ සංගම් නියෝජිතයින් වන ආනන්ද කරුණාතිලක ඩබ්ලිව් කේ ගාමිණි,ජී ඒ ගුණසිරි,ජයරත්න යන මහත්වරුන්  කියා සිටියේ මාර්ග සංවර්ධනය වෙනුවෙන්  එම පල්ලියේ ද  දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයද රජයේ  හා පෞද්ගලික ආයතන වල ද කොටස් ද මාර්ග පුළුල් කිරීමේ  කටයුතු වෙනුවෙන්  එම පාර්ශවයේ කැමැත්ත ඇතිව කඩා ඉවත්  ඉවත් කළ බවයි. ඊට රජයේ වන්දි ලැබෙන බවද  ඔවුහු කියති.

වැලිපැන්න පිවිසුම අලුත්ගම නගරයේ සිට දර්ගා නගරය ,සීනවත්ත,අඹගහ හන්දිය,නාකන්දලගොඩ,කොටපිටිය,ඉඳිගස්තුඩුව,බොදුන්පිටිය,පහේ කණුව යන ගම් හා නගර පසු කර  කිලෝමීටර් 11 ක දුර වැලිපැන්න අන්තර් හුවමාරුව දක්වා සංවර්ධන කටයුතු මාස කිහිපයක සිට සිදුවෙයි.ඉකුත් දා ඇති වු මහා ගං වතුරෙන් මෙම මාර්ගයේ වළගෙදර  හා වැලිපැන්න  ප්‍රදේශය ද ගංවතුරෙන් යට විය. ඒ නිසා මාර්ග සංවර්ධනය අඩාල විය.

දර්ගා නගරය නගර මධ්‍යයේ මෙම මාර්ගයට සමීපව ඇති ‘ඔරලෝසු  පල්ලිය‘ තාප්පය හා ගොඩනැගිලි  කොටස් කිහිපයක්  යටතේ පල්ලියේ අනුමැතියෙන්  ඉවත් කළ බව  අධිවේගී මාර්ග නිලධරයෝ ද කීහ.