‘ඔබ එන තුරු භාරතය බලා සිටී‘


ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රමුඛ ශ්‍රී ලාංකා  දූත පිරිස පිළිගන්නට ඉන්දියා  රජයත්, ජනතාවත්  සතුටින් බලා සිටින බව ඉන්දීයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අද උදේ දුරකතන ඇමතුමක් දෙමින් ජනපතිට පැවසීයැයි ජනපති මාධ්‍ය අංශය කියයි.

ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට  සුබ පතන බවත්,    1996 වසරේදී මෙන්ම ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවේවායිද ප්‍රාර්ථනා කරන බවත් ඉන්දියා අගමැති පැවසීය.

සිරිසේන මහතා  ලබන 15 වැනි දා සිට 18 වැනි දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

එම සංචාරයේ දී  ඉන්දියා ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි හා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.