‘ඒ’ කොටසේ පාසල් රග්බි තරග තාවකාලිකව අත්හිටුවයි


ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන ‘ඒ ’ කොටසේ සියලූම තරග නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇතැයි පාසල් රග්බි සංගමය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ නිලධාරීන් සහ එම පාසල්වල විදුහල්පතිවරුන් අතර අද (7 වැනිදා) සවස පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගනු ලැබ ඇත.