‘ඒ’ කාණ්ඩයේ විදුහල්පතිවරුන්ගේ විශේෂ රැස්වීමක්


පාසල් තුනක රග්බි තරග පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් පමණක් සේවය සැපයීමට සූදානම් බව රග්බි විනිසුරුවරුන් විසින් දැනුම් දෙනු ලැබීමෙන් පසු, පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල් 10 යේම විදුහල්පතිවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවීමට ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය තීරණය කර තිබේ. මෙම රැස්වීම හෙට (07) පෙරවරු 11.30 ට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ පැවැත්වේ.

පාසල් රග්බි සංගමය පවසන්නේ විනිසුරුවන්ගේ මෙම තීරණයත් සමග තවත් පාසල් 6 ක පේ‍්‍රක්‍ෂකයන්ට තරග නැරඹීමේ අවස්ථාව අහිමි වන බවයි.

පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා පැවසුවේ මේ වන විටත් පාසල් කීපයකින් මේ පිළිබඳව විරෝධය ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමට මෙම විශේෂ රැස්වීම කැඳවූ බවයි.