‘පිරිස විසිරුවා හැරීමේ දී සිසුවිය පාගාගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරියා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා මිසක ඇයට පහර දීමක් සිදු කළේ නෑ. මා එතැන හිටියා. මා මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙන්.‘ යි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘පොලිස් නිලධාරියකු ඇයට බැටන් පොල්ලකින් පහර දෙන ආකාරය හුවා දක්වමින් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් පළ කර තිබූ ඡායාරූපයෙන් ජනතාව නොමග යැවෙනවා.
මෙම ඡායාරූප උපක්‍රමශීලීව ලබාගෙන පහර දෙන ආකාරය හුවා දක්වා තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන් අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ වෙන්න කියලා. සිසුන්ට පහර දෙන්න අපට කිසිම උවමනාවක් නැහැ. කිසිම තරහක් නැහැ. අපි කරන්නේ රාජකාරිය. එම රාජකාරිය කරන අවස්ථාවේ සුළු අතපසු වීමක් මේ ආකාරයෙන් හුවා දක්වන්න එපා කියා එම මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටිනවා.‘ යැයි ද සිරිවර්ධන මහතා කීවේය.







