හොරොව්පතානේ පාසල් දැරියගේ දෙපා රත් කළ යකඩයකින් පිළිස්සී යැයි කියන ගුරු උපදේශක වරයා තම හිතවතියක් සමඟ තමන් මුණ ගැසීමට කාර්යාලයට පැමිණි බව උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා එසැණ කළ විමසීමකදී පැවසීය.
මේ උපදේශකවරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කරන්නෙකි.
මෙම සිද්ධිය සිදු වී මාස කිහිපයක් ගත වී තිබෙන බවත් එවකට එම දැරියගේ පාදයේ සුළු තුවාල තිබු බවත් දැන් එය වැඩි වී ඇත් බවත් විජේගුණවර්ධන මහතා කීවේය.
ඒ රංජනී කුමාරී පිළිස්සු බව කියන ගුරු උපදේශක ධර්මසිරි ජයලත් නැමැත්තා නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු වී කරුණු පහදා දී හොරොව්පතාන පොලිසියට භාර වු බව කියා සිටියේය.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
‘ඔය කියන උපදේශකවරයා හැංගිලා හිටියේ පස්සේ මා හමු වෙන්න ආවා. එයා ප්‍රතිකාරවලට ප්‍රසිද්ධ අයෙක් මම කිව්වා වහාම පොලීසිය භාර වෙන්න කියලා . අපි අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයෙන් ඇප දුන්නා .
එතකොට කකුලේ තුවාල තිබිලා නැහැ. යම් තාක් පිළිස්සුම් පාරවල් විතරයි තිබිලා තියෙන්නේ.දැන් මාස දෙකක් වෙනවා මේ කෙනා අතුරුදන් වෙලා හිටියා . අපි සෙව්වා එයා මට ඇවිත් කිව්වා මීට පෙර ඉදලා ඒ පවුලේ අයට ප්‍රතිකාර කළ අයෙක් කියලා.මම කිව්වා ගිහින් පොලීසියට භාර වෙන්න කියලා.
මේ ගැන අපිට වාර්තා වුණේ අනුරාධපුර රෝහල් පොලීසියෙන් මේ කතාව වෙන කවුරුත් කිව්වේ නැහැ.මගේ විශ්ව විද්‍යාල සමයේ මිතුරියක් ඉන්නවා පත්මා කියලා .එයාගේ මාර්ගයෙන් තමයි ගුරුවරයා මා ළඟට ආවේ.මට කාර්යාලයට ආ කෙනකු එළවා දමන්න බැහැනේ ‘
(දැඩි සංවේදී අයට මේ වීඩීයෝව නැරැඹිම සුදුසු නැත)

