එච්.අයි.වී. ආසාදිතයකුට වුවද අසාධාරණයක් නොවිය යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27(2) (ඇ) වගන්තිය යටතේ සෑම ළමයකුටම අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකමක් ඇති බවද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
අගවිනිසුරු මෙලෙස සඳහන් කළේ තම දරුවා එච්.අයි.වී. ආසාදනය වී ඇතැයි පැතීරි කටකතා හේතුවෙන් පාසලකට ඇතුළත් කර නොගැනීම එරෙහිව හා එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කුලියාපිටිය ප‍්‍රදේශයේ මවක අධ්‍යාපන අමාත්‍යවරයා ,වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතූළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම ළමයා රජයේ පාසලකට නොගත්තේ මන්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් නෙරීන් පුල්ලේ මහතා අගවිනිසුරුගෙන් ප‍්‍රශ්න කර සිටියේය.
ළමයා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ඇති බවත් අධාපන අමාත්‍යාංශය ප‍්‍රමුඛ රජය මැදිහත් වීම මත සියලූ වියහියදම් සිදුවන බවත් ඔහු කීවේය.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා කියා සිටියේ දරුවා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය ගත් පසුව රජයේ අවධානය යොමු වූ බවයි. එතෙක් කිසිදු රජයේ පාසලකට ළමයා නොගත් බවත් ඕ කීවාය.
කෙසේ නමුත් සිද්ධිය දැනට විසඳී ඇති බැවින් පෙත්සම මඟින් ඉල්ලා සිටි සහනද ලැබී ඇති හෙයින් අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එහෙත් යම් ගැටළුවක් ඇති වුවහොත් පෙත්සම්කාරියට මෝසමක් මඟින් කරුණු ඉදිරිපත් කොට යළි නඩුව කැඳවීමට හැකි බවද අධිකරණය දන්වා සිටියේය.

