පානදුර රෝහලේ විශේෂිත වාට්ටුවක ප්‍රතිකාර ලබමින් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයේ සිටි රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේවන විට සුවය ලබා පිටත්ව ගොස් ඇති බවත් දැනට සිව් දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පානදුර රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
දැනට බස්නාහිර පළාතේ තැන තැන ඇති වෛරස් උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ඉන්ෆ්ලුවන්සා වර්ගයට අයත් උණ රෝගයක් වන මෙම වෛරස් උණ මාරාන්තික නොවන බවද වෛද්‍යවරු කියති.
කොළඹ, කළුතර, හොරණ හා පානදුර ප්‍රදේශවලින් උණ රෝගීන් වාර්තා වුවත් එය කුරුළු උණ බවට පැතිර යන කටකතා සාවද්‍ය බවත් වෛද්‍ය සමරවීර මහතා පවසයි. දැනට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන තත්ත්වයක් ඇත්නම් රජයේ රෝහලකට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරු පවසති.
පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන උණ රෝගීන්ගෙන් එක් අයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඉතිරි තිදෙනා සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් රෝහල් ආරංචි කියයි.

