‘එසැණ‘ හරියට උදව් කළා


කුප්පි ලාම්පුවෙන් පාඩම් කර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස් වැනි ස්ථානයට පත් වූ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයයේ සහන් ලක්ෂිත සිසුවා ගැන ‘එසැණ‘ පළ කළ කතාවෙන් පසු විදුලිබල නියෝජ්‍ය අමැති ප්‍රේමලාල් ජයසේකර මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ නිවෙසට අද විදුලිය ලැබිණි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මාසිකව රුපියල් තුන්දහසක ශිෂ්‍යත්වයක් ලබා දීමට පොරොන්දු විය.

‘එසැණ‘ වෙබ් අඩවියේ සහ ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තා දැක මෙරට සහ පිටරට බොහෝදෙනකු තමා අමතමින් උදව් උපකාර කරන බවට පැවසූ බව සහන් ලක්ෂිත කියයි.

‘ලංකාදීපය මා ගැන රටටම දැනුම් දුන්නා. මේ වන විට මට උදව් කිරීමට බොහෝ පරිත්‍යාගශීලීන් ඉදිරිපත්ව සිටිනවා. එය මගේ ඉදිරි අධ්‍යාපනයටත් මගේ පවුලේ අයටත් විශාල අස්වැසිල්ලක්. ලංකාදීප කළ මෙහෙවරට මා ස්තුතිවන්ත වෙනවා.‘