‘එසැණ‘ සරණට ඉතාලි ලාංකිකයෝ පිං දෙති


ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න ගැන එසැණින් පුවත් පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ  ගැටළු වලට විසඳුම් දීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වී සිටී.

ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ප්‍රශ්න සොයා බැලීම සඳහා දෙමළ දන්නා නිලධාරිනියක පත් කර ඇත්තේ එසැණින් පෙන්වා දීමෙන් පසුවය.කලක් තිස්සේම අසහනයට පත්ව සිටි දමිළයෝ කිහිප දෙනෙක්ම එසැණට ස්තුති කළහ.

විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ‘එසැණට‘ පැවසූයේ නව තානාපති වරයකු සමගම ඉතාලියට නියෝජ්‍ය තානාපතිවරයකු, ලේකම්වරයකු, කොන්සල් අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රධාන පුරප්පාඩු හතකරනට ද නිලධරයන් යවන බවයි.