අම්පාර වලකාපිටිය වැවට ආ අලි රංචුවකට කොටුවී පැය දෙකකට ආසන්න කාලයක් සිටි ‘එසැණ‘ මාධ්‍යවේදී කුමාර සී ලියනාරච්ච බේරා ගැනීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.
‘දීගවාපි රක්ෂිතය පැත්තේ සිට අලි වැටද පෙරලාගෙන ආ බව කියන මේ අලි රංචුවේ පින්තූර ගන්න මමත්, ලියනාරච්චිත් වැවේ දෙපැත්තට ගියා. ලියනාරච්චි ගිය පැත්තට අලි රංචුව ආවා. ඔහු කොටුවූ බව දුරකතනයෙන් මට දැන්වුවා. පණ බේරාගන්න කුඹුක් ගහකට නැගීමට මොහොතකට පෙර වනජීවිය පැමිණ ඔහු බේරා ගත්තා‘
මේ ත්‍රාසජනක අත්දැකීමට ගොදුරු වූ ලියනාරච්චි පවසනුයේ ගගවයන් තණ බිම්වලට ඇතුළු කිරීම සඳහා අලිවැටේ කම්බි යටින් කපා තුබූ තැන්වලින් අලින් ගම්බිම් වලට එන බවයි.
රැලේ නායකයාගේ අණ අනිත් අලින් ඉතා හොදින් ක්‍රියාත්මක කරන බව පෙනුනායැයි ද ඔහු කියයි.