විනය පිරිහිම රටේ පවතින බරපතල ගැටලුවක් බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසිය.
‘එදාට වඩා අද විනය පිරිහිලා. මිනිස්කම නැති මිනිසුන්ගෙන් වැඩක් නෑ‘ යැයි ඔහු කීවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 2016 අන්තර් බළකා මලල ක්‍රීඩා උළෙලේදීය.
තරගාවලියේ සමස්ත ශූරතාවය විල්පත්තු බළකාය මගින් හිමි කර ගත් අතර එහි අනු ශූරතාවය වැලිඔය බළකාය විසින් දිනා ගනු ලැබිය.
සිවිල් ආරක්ෂක බළකා විසි දෙකක ක්‍රිඩකයෝ හාරසිය දෙනෙක් පමණ තරග කළහ.