‘එදා විජයගේ සමයයි අදයි එක වගේ‘


‘නොකළ වරදවල්වලට අද හිරේ දානවා. ඒක තමා එක්සත් ජාතික පක්ෂය බලයට ආවම වෙන දේවල්. එදා විජය කුමාරතුංග සමය හා අද එක සමාන යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

‘අද අගමැති ප්‍රසිද්ධියේ මාධ්‍ය ආයතනවල නම් හා පුද්ගලයන්ගේ නම් කියමින් ඔවුන්ට බනිනවා. ලසන්ත වික්‍රමතුංග ගැන පරීක්ෂණ කරන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ පරීක්ෂණ කරද්දී පාර්ලිමේන්තුවේ තිබෙන හැන්සාඩ් වාර්තාව කියවා බලන්න. මම හිතනවා අද විජය කුමාරතුංග හිටියානම් අපේ පැත්තේ ඉඳන් මේ වගේ දේවල්වලට විරුද්ධ වෙනවා.‘ යැයි විජය කුමාරතුංග 28 වැනි ගුණසමරුව අද කොළඹ නව නගර ශාලාවේදී පැවැති අවස්ථාවේ රාජපක්ෂ මහතා එසේ කීවේය.

ඊට සමගාමීව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 32වැනි සංවත්සරය ද පැවැත්විණි.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු පිරිස පැමිණ සිටියහ.

Mahinda_201621657 Mahinda_201621657-2 Mahinda_201621657-3 Mahinda_201621657-4 Mahinda_201621657-5