‘එදා ලංකාවට විරුද්ධයි : අද අප සමගයි‘


‘ජර්මනිය සහ ඔස්ට්‍රියාව කියන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය දුන් රටවල් දෙකක්. ඒත් අපේ ජනපතියි අගමැතියි දෙන්නගේ සුසංයෝගය නිසා දැන් ඒ දෙරටම අපිට පූර්ණ සහයෝගය දෙන්න සූදානම්‘ යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේදී ඇමැතිවරයා එසේ කීය.

මුදල් ඇමැති රවී කරුණානායක එහිදී කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ජනපති ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ විවිධ ආයෝජකයන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් නැවත ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීමට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටි බවත්ය.

web_2016223ms