‘විභාගයට මා ඉතා සැහැල්ලූවෙන් මුහුණ දුන්නා. අමතර වැඩ කරන අතරතුර පාසලෙන් දෙන අධ්‍යාපනය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කලා. පාසලේ දෙන වැඩ එදාම පාඩම් කලා. ඒ නිසා විභාගයට ලිවිමේදී ලොකු බරක් මට දැනුනේ නැහැ‘ යැයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට මාතලේ දිස්ත්‍රික්කයෙන් ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මාතලේ විද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඩිලාන් රන්දික රංතැටියාව සිසුවා කියයි.
මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගය සමත්ව ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයට ඇතුලත් වූ ඩිලාන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ අටක් හා සී සාමාර්ථයක් හිමිකරගෙන උසස් පෙළ සදහා මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුලත්විය.
රන්දිකගේ පියා ඩී එම් කරුණාරත්න පෞද්ගලික ආයතනයට සේවය කරන අතර මව ඉෂාරා පෙරේරා මාතලේ උඩුපිහිල්ල ශ්‍රී සරණංකර විද්‍යාලයේ ගුරුවරික ලෙස සේවය කරන්නීය.