‘එදා ඇමැතිවරුනුත් බයෙන් හිටියේ’


"පසුගිය වකවානුවේ  දී  ව්‍යාපෘති  ආරම්භ කිරිමේදී  ගහකොළ, සතා  සිව්පාවා,පරිසරය, මහා පොළාව එවගේම ප්‍රජාව ගැන තැකීමක්  තිබුණේ  නෑ. මොකද එහෙම කරන්න වුවමනාවක් තිබුණේ නෑ . අපි යුද්දේ  දිනලා  හිටියේ. යුද්දේ  දිනන්න හයියක්  තිබුණා. ගෝඨාභය මහත්තයත්  ආණ්ඩුවේ හිටියා. මිනිසුන්ගේ  හිතේ  පොඩි  බයකුත්  තිබුණා. මිනිස්සු  විතරක්  නෙවෙයි. අපිත් බයෙන්  හිටියේ. ඇමැතිවරුත්  බයෙන්  හිටියේ. එහෙම යුගයක්  තිබුණා. අපිට  යාන්  ඔය විතරක් නොවෙයි. උමා  ඔයත්  එහෙමයි. හැබැයි ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කරන්න අපි  කරන වැඩෙන්  ජනතාවගේ  ජිවන තත්ත්වය පහළට  වැටෙනවා. පරිසරයට  ඇගයීමක්  කරන්නේ  නැත්නම්. මේ සතා  සිව්පාවා, ගහකොළ මහපොළොව,ප්‍රජාව ගැන අපි කල්පනා කරන්න ඕනෑ. පාසල්  වැහෙනවා  , පාරවල්  කැඩෙනවා,මිනිස්සුන්ට  තමන්ගේ  ජන ජිවිතය කඩාකප්පල්  වෙලා යනවා. එහෙම නම්  මේ  ව්‍යාපෘති  වල ඇති ප්‍රතිළුලය කුමක්ද" වාරිමාර්ග ඇමැති  විජිත්  විජයමුණි සොයිසා  මහතා  යාන්ඔය ව්‍යාපෘතියේ  පිඩාවට  පත්  පවුල්වලට  වන්දි  දිමේ  උත්සවයේ දී  පැවසීය. හොරොව්පතාන ගොමරන්කඩවල විදුහලේ දී  උත්සවය පැවැත්විණි.