‘එට්කා විරෝධතාවලට මැරයන් එවනවා‘


ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට විරෝධය පළ කරන අයට තර්ජනය කිරීමට කටයුතු කර ඇති බවත් උද්ඝෝෂණවලට මැරයෝ එවන බවත් වෘත්තියවේදීන්ට පාදඩයෝ කියමින් බැන වදින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ සඳහන් කළේය.

දළඳා මාළිගාව ඉදිරිපිට පාර විවෘත කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවද වීරවංශ මහතා එහිදී කීවේය.