‘එජාපය මහ ඡන්දෙන් ලේසියෙන් දිනනවා ‘


ඉදිරියේදී  පැවැත්වෙන  මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවෙතියි පක්ෂ මහ ලේකම්  මහා මාර්ග උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන  අමාත්‍ය  කබීර් හෂිම් මහතා පැවසිය.

ගම් මට්ටමේ ශක්තිමත්ම යාන්ත්‍රණය මෙන්ම වැඩිම ඡන්ද  පදනමක් ඇති තනි පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව පසුගිය ජනාධිපතිවරණයේදී ඔප්පු වී තිබෙන බව ද මහ ලේකම්  සඳහන් කළේය.

රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා මුලිකත්වය දුන් එජාපයට ඉදිරි මැතිවරණ කිසිදු අභියෝගයකින් තොරව ජයගත හැකි බව  හෂිම් මහතා පැවසුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

DSC_1977