‘එජාපය දිය කරනවාට රනිල්ට පින් සිදු වේවා‘


‘අපට විරුද්ධ පක්ෂයක් නැහැ. අපේ ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂයත් වැඩ කරනවා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් ඇමැති කෙනෙක් වගේ. අපිට සම්පූර්ණ සහයෝගයයෙන් වැඩ. දැන් ගමේ එජාප කට්ටිය නැහැ. ක්‍රම ක්‍රමයෙන් වික්‍රමසිංහ මැතිතුමාට පිංසිද්ධ වෙන්න යූඑන්පී කාරයෝ නැත්තටම නැතිවෙලා ගිහින්. ‘ ඇයි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල දිගම්පතහදී කීවේය.