ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් පාර්ලිමේනතු මන්ත්‍රීන් හය දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද අතුරු තහනමක් නිකුත් කෙළේය.
මනූෂ නානායක්කාර, උපේකෂා ස්වර්ණමාලි (පබා), ප්‍රභා ගනේෂන් නෙරැපීමට එරෙහිව ලබන 20 වැනි දා දක්වා ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න, නිල්වලා විජේසිංහ හා අර්ල් ගුණසේකර නෙරැපීමට එරෙහිව ලබන 22 වැනි දා දක්වා ද මේ අතුරු තහනම් නිකුත් කැරුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන් හටය.