‘අගෝස්තු 17 එජාප ජයග්‍රහණය කාටවත් වලක්වන්න බැහැ. සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අප සමඟ එකතු වෙනවා. මුළු රටේම ජනතාවගේ බලාපොරොත්තුව එජාපය දිනවීමයි‘ යනුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අඟහරුවාදා බියගම පැවැති ජන රැලියකදී පැවසීය.
‘ජනතාවට සෙතක් නොවන සංවර්ධනයකින් වැඩක් නෑ‘ යැයිද විජයවර්ධන මහතා පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම රැලියට එක්විය.









