‘එච්එන්ඩීඒ සිසු පහරදීම ගැන උසස් නිලධාරීන්ට දඬුවම් නෑ‘


කොළඹ වොඩ් පෙදෙසේ පැවැති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු උද්ඝෝෂණයේ සිසුන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළ නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් සාක්කි කොමිසම හමුවේ ඉදිරිපත් වී නොමැති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කීවේය.

එම නිසා එම නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව පියවරක් නොගැනීමට අද පැවැති සාකච්ඡාවක දී තීරණය ගත් බව ද කුරේ මහතා පැවසීය.

  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සතියකට පෙර  නිර්දේශ කළේ පහර දීමට අන දුන් හා පහර දීම සිදුවන අවස්ථාවේ අධීක්ෂණය කළ නිලධාරීන්ට එරෙහිව ද පියවර ගන්නා ලෙසයි.