පෙළපාළියකින් පැමිණි පිරිසක් වෛද්‍ය ජෝන්පුල්ලේ මහතාගේ නිවසේ ස්වයක්‍රීය ගේට්ටුව කඩාගෙන ඇතුළු වන අවස්ථාවේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකව සිටි සරත් ප්‍රේම ඇතුළු උසස් නිලධාරින් තත්ත්වය පාලනය නොකර ඒ දෙස බලාගෙන සිටි බව වෛද්‍ය ජෝන් පුල්ලේගේ පෞද්ගලික ලේකම් චම්පා සිරිවර්ධන මහත්මිය අද අනුරාධපුර මහාධිකරණයේ සාක්කි දෙමින් කීවාය.
2008 වසරේ උතුරු මැද පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයකු ද, රුසියාවේ හිටපු තානාපතිවරයකු ද, එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කලමනාකාරවරයා ද වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට, වෛද්‍ය මධ්‍යස්ථානයට සහ කාර්යාලයට ගිනි තබා විනාශ කර රුපියල් ලක්ෂ පන් සියයක දේපළ විනාශ කර වෛද්‍යවරයාට පහරදි තුවාල සිදු කිරිමේ සිද්ධියට අදාල නඩුව උතුරු මැද පලාත් බද මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොළ මහතා ඉදිරියේ විභාග වේ.

